Honda Hornet parts price list

මේකේ සඳහන් කරලා තියෙන්නේ හොන්ඩා හොනට් බයික් එකට අවශ්‍ය කරන උපකරණ වල මිළ ගණන්. මේකේ ඔරිජිනල් පාර්ට්ස් වල මෙන්ම චයිනීස්, තායිවාන් මිළ ගණනුත් ඇතුලත් වෙනවා. හැම පාර්ට් එකකම මිළ ගණං නැතිවෙන්න පුලුවන්.මම දන්න ඒවගේ මිළ ගණං තමයි සඳහන් කරල තියෙන්නේ. මේ සේරම මිළ ගණං දැනට කුරුණෑගල නගරයේ තිබෙන මිළ ගණං බව කරුණාවෙන් සලකන්න.

  • මුලු බයික් එකටම, ඒ කියන්නේ ටැංකියටයි, මඩ් ගාර්ඩ් එකටයි, හම්ප් එකටයි පේන්ට් කරනවනම් රුපියල් 16000ක් විතර යනවා. මම කියන්නේ සේල් පේන්ට් එක ගැන නෙමෙයි. කෑලි තුනේම පාට හූරලා අලුතින්ම ගහනවනම්.
  • ටැංකිය ඩැමේජ් වෙලා හුලං ගහලා හෝ කැට්ලොයි දාලා ටැංකිය ගන්න බැරිනම්, යටින් කපලා තිබ්බ තත්වෙට (කැට්ලොයි නොගහා ඇබිච්ච එක එලියට ගන්න) රුපියල් 3000ක් විතර වියදම් වෙනවා.
  • හැඩල් එකට රුපියල් 4500ක් වෙනවා. ඒ ඔරිජිනල් රෙන්තාල් එක. එහෙම නැත්නං තායිවාන් ගන්නවනං ඔයාලට රුපියල් 1400-2000 අතර මුදලකට අරගන්න පුලුවන්.
  • හැඩල් ග්‍රිප් වලට රුපියල් 2000යි. තායිවාන් ගන්නවනම් රුපියල් 800-1200 අතර අරගන්න පුලුවන්.
  • ඔරිජිනල් සයිඩ් මිරර්ස්නම් එක එක ගණං වලට තියෙනවා. සාමාණ්‍යයෙන් රුපියල් 2500 ඉදන් ඉහලට තියෙනවා. හැබැයි ඉතිං නෝර්මල් ඔරිජිනල් වගේ පේන්න තියෙන තායිවාන් කන්ණාඩි රුපියල් 1500-2000 අතර අරගන්න තියෙනවා.
  • ෆූට්රස්ට් වලට රුපියල් 6000ක් වෙනවා. තායිවාන්නම් ඉතිං රුපියල් 1500-2500 අතර කෑලි හතරම අරගන්න පුලුවන්.
  • බ්රේක් ඩිස්ක් (ඉස්සරහ) රුපියල් 10000ක් විතර වෙනවා. තායිවාන් ගාණනං මම දන්නේ නෑ.
  • මීටර් එකට කෙලින්ම රුපියල් 30000ක් හෝ ඊට වැඩියෙන් යනවා. තායිවාන්නම් හැබැයි ඉතිං රුපියල් 12000-18000 වගේ ගාණකට ගන්න පුලුවං. ඕකෙත්, චයිනීස් මීටරයක් තියෙනවා ඔරිජිනල් මීටරේ වගේම නීඩල් වැඩ කරන. 
    • ඒ වගේම මීටරයක් ගද්දී පොඩ්ඩක් බලන්න (චයිනීස් හෝ තායිවාන් ගැන මේ කියන්නේ) මීටර් ඩයල් එකේ Stand indicator එකයි, Heat meter එකයි තියෙනවද කියලා. (චැසි 115ටනම් ඔයා මීටරයක් අරගන්නේ)
    • වෙනම පිටින් ඇක්සිඩන්ට් එකක් වෙලා හරි මොනම හරි දෙයක් වෙලා මීටර් එකේ කප් එක විතරක් ඩැමේජ් උනානම් තායිවාන් තියෙනවා මීටර් කප් ගන්න. ඒවා රුපියල් 1600ක් විතර වෙන්නේ.
  • ඉස්සරහා බ්රේක් ලීවර් එකට රුපියල් 1500ක් විතර වෙනවා. හැබැයි ඉතිං රුපියල් 1800ට තියෙනවා නිකල් ලීවර්. ඒක තායිවාන්. ක්ලච් එකටයි, බ්රේක් එකටයි දෙකටම 1800න් ෂේප් කරගන්න පුලුවන් එක ලීවර් එකක් දාන වෙලාවේ.
  • ක්ලර් ලීවර් එකට රුපියල් 1800ක් වෙනවා. තායිවාන් දානවනං ඉතිං බ්රේක් ලීවර් එකට කියපු එකම තමා කියන්න වෙන්නේ.
  • සිග්නල් ලයිට් 1ක් රුපියල් 2500ක් විතර වෙනවා. තායිවාන්නම් ඉතිං සිග්නල් ලයිට් හතරම රුපියල් 1000-1500 අතර ගන්න පුලුවන්.
  • බ්‍රේක් වොෂර් සෙට් එකටනම් රුපියල් 1100-1500 අතර ගන්න පුලුවන්.
  • මොනෝෂොක් එකට රුපියල් 18000-25000 අතර මුලදක් යනවා.
  • ඔරිජිනල් ඕ-රින්ග් චේන් එකට රුපියල් 10000-15000 අතර මුදලක් වැයවෙනවා.
  • ඔරිජිනල් ටූල් කිට් එකක් රුපියල් 500-1000 අතර ගාණකට හොයාගන්න පුලුවන්.
  • K1 සයිලාන්සර් එකක් රුපියල් 10000-15000 අතර ගාණකට හොයාගන්න පුලුවන්. (පාවිච්චි කරපුවා) 
  • ටැංකියේ පෙට්‍රල් ටැප් එක රුපියල් 3000 - 4000 (චයිනීස්) අතර ගාණකට ගන්න පුලුවන්. හැබැයි මේකේ ඔරිජිනල් එකට වඩා පොඩි වෙනස් කම් කීපයක් තියෙනවා. ඔරිජිනල් රීකන්ඩිෂන් එකක්නම් රුපියල් 12,000ක් විතර වෙනවා. රෙපයාර්ස් කිට් එකක් රුපියල් 2000 - 4000 අතර හොයාගන්න පුලුවන්. 



Post a Comment

4 Comments

  1. ������������

    ReplyDelete
  2. මචං CGI unit,Rectifier, Solenoid switch, Relay (light and Horn) ගැනත් කියමු...

    ReplyDelete
  3. Clutch plate , clutch resar ewaye ganan කොහොමද

    ReplyDelete